සේනා දළඹු හානියෙන් වගා බිම්වලට සිදුවූ හානිය තක්සේරු කිරීමේ කටයුතු අද (24) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ, සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී අනුර විජේතුංග සඳහන් කර සිටිනවා.
ඔහු සඳහන් කළේ, ඒ සඳහා ග්‍රාමසේවා මට්ටමින් නිලධාරී කණ්ඩායම් පත් කර ඇති බවයි.
මේ අතර, සේනා දළඹු වසංගතය පාලනය කළ නොහැකි පරිදි ව්‍යාප්ත වෙමින් ඇති වගාබිම් වෙත කෘෂි රාසායන යෙදීම සඳහා සහනාධාර ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
නියෝජ්‍ය අධ්යක්ෂවරයා සඳහන් කළේ, එවැනි වගාබිම් සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රදේශය භාර කෘෂි නිලධාරීන්ට දැනුම් දිය යුතු බවයි.
ගම්පොළ, දොළුව මැදපිටිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක වගාවන් ද සේනා දළඹු උවදුර හේතුවෙන් විනාශවීමේ අවදානමකට මුහුණ දී ඇති බවත් ඔහු අවධාරණය කර සිටියා.
මැදපිටිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයා සේනා දළඹු උවදුරින් හානි වූ වගාවන් ගිනි තබන ලෙස මෙම ගොවීන්ට උපදෙස් දී ඇති අතර ඔවුන් ඒ අනුව වගාවන් ගිනි තබා තිබෙනවා.