කළමනාකාරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසින් ප්‍රධාන ඉල්ලිම් 13ක් මුල්කර ගනිමින් අද (24) දහවල් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.
ශ්‍රේණිගත උසස්විම් තරග විභාගය ක්‍රමය යලි ඇති කිරිම, රාජ්‍ය කළමනාකරණ නිලධාරි නිල නාමය ලබාදිම, විදේශ පුහුණුවිම් සඳහා අවස්ථාව ලබාදිම, රාජ්‍ය කළමනාකරණ සේවයේ නිලධාරින් සඳහා පුහුණු ආයතනයක් පිහිටුවිම, 2016.01.01.දිනසිට අත් හිටුවා ඇති රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් අයිතිය නැවත ලබා දිම ඇතුලු ඉල්ලිම් මුල්කර ගනිමින් මෙම අද්ඝෝෂණය පවත්වනු ලැබුවා.
ගාල්ල නගරය සහ අවට සියලුම රාජ්‍ය ආයතනවල කළමනාකරණ සහකාරවරුන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියා.
ෆර්හාන් නිසාම්දින්