ජනතාවගේ සල්ලි සූරාකන මූල්‍ය සමාගම් වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග බව ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (23) පාර්ලිමේන්තු සැසිවාරයේ දී අදහස් දක්වමින්.
එහිදී අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මෙවැන්නක්,
”2016 දී සම්මත කරපු ක්ෂුද්‍ර මූල්‍ය පනතේ තිබෙනවා මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සියල්ල මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබාගත යුතුයි කියලා.
මම හොයල බලපු විදිහට, මෙම බලපත්‍රය ලබාගන්න අයදුම් කරල තිබෙන්නේ ආයතන 11 යි. එයිනුත් බලපත්‍රය දෙන්න සුදුසුකම් ලබල තිබෙන්නෙ ආයතන 01 යි. මේ නිසා, මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට අවශ්‍ය පරිදි ක්ෂුද්‍ර මූල්‍ය පනත සංශෝධනය කළ යුතු වෙනවා.
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලට විතරක් නෙවෙයි ජනතාවගේ සල්ලි සූරාකන සමහර මූල්‍ය සමාගම් වලට එරෙහිවත් දැඩි ක්‍රියා මාර්ග ගත යුතුයි.”