නීති විරෝධී ලෙස කුරුල්ලන් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සුරතල් සතුන් අලෙවි කිරීමේ ව්‍යාපාරිකයෙකු වන මෙම පුද්ගලයා හලාවත මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ රාත්‍රී ඔහු මෙරටට පැමිණ ඇති අතර, ඔහු සතුව තිබී ප්ලාස්ටික් කූඩුවල බහා තිබූ කුරුල්ලන් සහිත ගමන්මලු කිහිපයක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
ගමන්මලු තුළ විවිධ වර්ගයේ කුරුල්ලන් 57 දෙනෙකු සිට ඇති අතර, එම කුරුල්ලන් රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනාකමකින් යුක්ත බවයි ශ්‍රී ලංකා රේගුව පවසන්නේ.
ටී.කේ.ජී. කපිල



