එලිසබත් රැජින ආරක්ෂක නිලධාරීන්ට නොදන්වා නෝෆෝර්ක් ප්‍රදේශයේ රිය ධාවනයේ යෙදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
92 හැවිරිදි වියේ පසුවන රැජින පැද වූ ලෑන්ඩ් රෝවර් රිය පසුපස පොලිසිය හෝ ඇගේ ආරක්ෂකයින් නොසිටි බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටින්නේ.
ඇය නෝෆෝර්ක්හි සිය අශ්වගාල වෙත යමින් සිටියදී පැපරාසියකුගේ ඇසට හසුවී ඇති බවයි සඳහන් වන්නේ.
වයස 19 සිට රිය පැදවීම කරන එළිසබත් රැජිනට වාහන පැදවීම සඳහා බලපත්‍රයක් අවශ්‍ය නොවන අතර රැජින සිය සැමියා වු පිලිප් කුමරු මෙන් නොව බඳපටිය පැළඳ රිය ධාවනයේ යෙදී ඇති බවත් සඳහන් වනවා.
පිලිප් කුමරු ද මීට දින කිහිපයකට පෙර රිය අනතුරකට ලක්වීම සම්බන්ධයෙන් ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.