ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවේ සිට ගෙවන ලද නව අති සුඛෝපභෝගී -13 දුම්රිය දෙකෙන් එකක් පර්යේෂණ ධාවන කටයුතු වලින් පසුව ලබන 30 වනදා සිට කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනයට එක් කිරීමට නියමිතව තිබෙනවා.
මෙම දුම්රිය උතුරු දුම්රිය මාර්ගයේ දැනට ධාවනය වන ‘උත්තර දේවී’ දුම්රිය වශයෙන් ධාවනයට එක්වනු ඇති.
‘උත්තර දේවී’ ශීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ගමන් ආරම්භ කරන්නේ පෙරවරු 11.50ට වන අතර ඊට සමගාමීව කන්කසන්තුරේ සිට ‘උත්තර දේවී’ දුම්රිය ගමන් ආරම්භ කරන්නේ පෙරවරු 06ටයි.
මෙම දුම්රියේ වායු සමීකරණය කළ මැදිරි මෙන්ම සාමාන්‍ය මැදිරිද ඇති අතර යෝජිත ගමනට දින 45කට පෙර ඒ ගමන සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ හැකියාව ද පවතිනවා.