Home Hit 2020 වන විට චම්පිකගෙන් නව නිවාස 20,000ක් – VIDEO

2020 වන විට චම්පිකගෙන් නව නිවාස 20,000ක් – VIDEO

635
0

රුපියල් මිලියන 1064ක ආයෝජනයෙන් දෙමටගොඩ ”සියපත් සෙවන” මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ (22) දිනයේදී ජනතා අයිතියට පැවරුණා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

නිවසක් සමග ජීවිතයක් කොළඹ නගරයේ අඩුපහසුකම් සහිත නුහුරු නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත් කිරීම සඳහා ඇමති චම්පික රණවකගේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකර තිබෙනවා.

නිවාස ඒකක 266කින් සමන්විතව මෙහි දෙවන අදියර ඉදිකර ඇති අතර පළමු අදියර යටතේ නිවාස ඒකක 437ක් ජනතා අයිතියට පත් කර තිබෙනවා.

2016 සිට 2018 දක්වා කාලය තුළ නිවාස ඒකක 3429ක් ජනතා අයිතියට පත්කර ඇති බවත් 2019 අප්‍රෙල් අවසනට පෙර නිවාස ඒකක 4548ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවත් ඇමති චම්පික රණවක පවසනවා.

ඒ අනුව 2020 වන විට නිවාස 20000ක් සහ 2024 වන විට නිවාස 40000ක් ජනතා අයිතියට පත් කරන බවද 2024 දී පැල්පත් නැති කොළඹක් බිහි කිරීම සිය අමාත්‍යංශයේ සහ රජයේ අරමුණ බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලා.

Image may contain: sky, skyscraper and outdoor

Image may contain: indoor

Image may contain: 5 people, shoes and outdoor
Image may contain: 7 people

2024 දී පැල්පත් නැති කොළඹක්

2024 දී පැල්පත් නැති කොළඹක්

Posted by Patali Champika Ranawaka on Tuesday, January 22, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here