ෆේස්බුක් ආයතනයේ දකුණු හා මධ්‍ය ආසියා පොදු ප්‍රතිපත්ති අධ්යක්ෂ අංකි දාස් (Ankhi Das) හා ඇයගේ නියෝජිත පිරිසක් විපක්ෂනායක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.
එම හමුවේදී සයිබර් ආරක්ෂාව, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ප්‍රවේශවිය හැකි වෙළඳපොළ පිළිබඳව මෙන්ම අසත්‍ය ප්රවෘත්ති පැතිරීම පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බවයි විපක්ෂනායකවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ.