නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්යංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව හා පොළොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද සංස්කෘතික පුනර්ජීවන වැඩසටහන් මාලාව 2019.01.24 දින සිට 2019.01.27 වනදා පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
එම වැඩසටහන් මාලාව පොළොන්නරුව පුලතිසි චන්ද්ර මණ්ඩපයේදී පැවැත්වීමටයි කටයුතු සංවිධානය කොට ඇත්තේ.
මෙහිදී ජීවත් වීමේ කලාව යන මැයෙන් 24 වනදා පෙරවරු 9.00 සිට 11.30 දක්වා ගී රස වින්දන වැඩ සටහනක් පැවැත්වීමට නියමිතයි.
මෙම රස වින්දන වැඩසටහන නැරබීම සදහා උනන්දුවක් දක්වන සැමට විවෘත ආරධනාවක් කරන බව පොළොන්නරුව අතිරේක දිස්ත්රික් ලේකම් ඩබ්ලිවු. ජි.ඩබ්ලිවු වනසිංහ සඳහන් කර සිටිනවා.
රොෂාන් තුෂාර තෙන්නකෝන්