කොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීමේ සිද්ධීන්ට අවශ්‍යව සිටි සැකකරුවෙකු හා ඔහුගේ බිරිය පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 220ක ප්‍රමාණයක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
නාලක දිලිප් නොහොත් ආමි නාලක නමැති මෙම සැකකරු, දරුණු ගණයේ අපරාධකරුවෙකු වන වැල්ලේ සුරංගගේ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම ගෝලයා බවට කරුණු අනාවරණය වී ඇති බව ද පොලිසිය සදහන් කළා.
සැකකරු හා සැකකාරිය අද අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.