බටපොල, දංකැටිය ප්‍රදේශයේ දී ඊයේ (22) දහවල් ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ 22ක් කොල්ල කා ඇති බව පොලිසිය පවසනවා.
බටපොල නගරයේ මෝටර් රථ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු නිවසේ සිට මෙම මුදල් තොගය ද රැගෙන ත්‍රී රෝද රථයෙන් යමින් සිටියදී නිවස ආසන්නයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මාර්ගය හරස් කර ගිනි අවියක් පෙන්වා මුදල් බෑගය කොල්ල කා පලා ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බටපොල පොලිසිය පරික්ෂණ පවත්වනු ලබනවා.
ෆර්හාන් නිසාම්දින්