වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්රගාමී දුම්රියක මැදිරි දෙකක් ගැල වී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ තලාව සහ ශ්රාවස්තිපුර අතර ප්රදේශයේදී අද උදෑසන මෙම මැදිරි දෙක දුම්රියේ එන්ජිමෙන් ගැලවී ගොස් ඇති බවයි.
එම මැදිරි දෙක යළි සම්බන්ධ කර දුම්රිය කොළඹ බලා පැමිණි බවත්, එම මැදිරිවල ගමන් ගත් කිසිවෙකුටවත් තුවාල සිදුව නොමැති බවත් එම දෙපාර්තමේන්තුව කියා සිටියා.