පසුගිය වසර 10ක කාලය තුළ ශ්රී ලංකාවේ මිනිසුන් බොහෝ දෙනෙකු මියයෑමට හේතුව හෘදයාබාධ බවත්, හෝටල්වල නැවත නැවතත් භාවිත කරන තෙල්වලින් බදින ආහාර ඊට ප්රධාන හේතුවක් බවටත් වාර්තා පළ වනවා.
මෙම තෙල් නැවත නැවත භාවිතයට ගැනීමේදී ඒ තුළ trans වර්ගයේ මේද අම්ල අධිකව අඩංගු වන බවයි වාර්තා වන්නේ.
එම මේද අම්ල හෘදයේ රුධිර වාහිනීවල කොලෙස්ටරෝල් බැඳීම කිහිප ගුණයකින් වේගවත් කරන බවත් පැවසෙනවා.