ශ්රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු ටෙනිස් තරගාවලියේ ජය සංකේත ප්රදානෝත්සවය ඊයේ (22) පස්වරුවේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායකගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා.
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ටෙනිස් පිටියේ දී මෙය පැවති අතර රෙජිමේන්තු13ක් අතරින් කණ්ඩායම් 02ක් පරාජයට පත් කරමින් විවෘත යුගල අවසන් මහා තරගයේ දී ශූරතාවය විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම හිමිකරගනු ලැබුවා.
එහි අනුශුරතාවය ශ්රී ලංකා විදුලි යාන්ත්රික හා ඉංජිනේරු රෙජිමේන්තු කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා.
මෙම අවස්ථාවට නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති යුද හමුදා ටෙනිස් ක්රීඩා කමිටු සභාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ද එක්ව සිටියා.



රොෂාන් තුෂාර තෙන්නකෝන්