ත්‍රිකුණාමලය, වෙල්ගම් වෙහෙර පුදබිමේ චෛත්‍යක් මතට නැගි තරුණ පිරිසක් එම චෛත්‍ය මත සිට ඡායාරුප ගෙන මුහුණු පොතට එක්කර ඇති සිද්ධියට සම්බන්ධ චෛත්‍ය වෙල්ගම් වෙහෙර පුදබිමට අයත් නොවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස පැවසුවේ මෙය වෙල්ගම් වෙහෙර දාගැබ ලෙස ලද තොරතුර ඔස්සේ අදාල ඡායාරූප නිරික්ෂණය කරද්දි එම සිදුවිම සිද්ධ වි ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කිරලාගල පුදබිමේ චෛත්‍ය බව සොයාගත් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ,
”වෙල්ගම් වෙහෙර පුදබිමේ මෙවැනි දේවල් කරන්න බැහැ. අපේ මුරකාරයන් පැය 24 පුරාම ඉන්නවා. මේ සිද්ධියට පාදක වු තරුණ පිරිසක් බව සොයාගෙන තිබෙනවා. හැබැයි මාධ්‍ය වාර්තා වල පලවුනේ මේ දාගැබ වෙල්ගම් වෙහෙර කියලා. එය සාවද්‍ය වාර්තාවක්.” බවයි.

ත්‍රිකුණාමල සහකාර අධ්යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස
අමදෝරු අමරජිව