ස්ත්රී දූෂණයක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඊයේ (22) පස්වරුවේ සැකකරුවෙකු සොයා ගිය අවස්ථාවේදී සැකකරුගේ ඥාතියෙකු කළහකාරී ලෙස හැසිරී නිලධාරියෙකු සතු ගිනි අවිය උදුරා ගැනීමට තැත්කර තිබෙනවා.
එම අවස්ථාවේදී අදාළ ගිනි අවිය ක්රියාත්මක වී කළහ කළ පුද්ගලයාගේ දකුණු අතට තුවාල සිදුව මීගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම පුද්ගලයා විසින් පොලිස් නිලධාරියකුට පොල්ලකින් ද පහර දී ඇති අතර එම නිලධාරියාද මීගමුව රෝහලේ ප්රතිකාර ලබනවා.
හරිස්චන්ද්රපුරදී සිදු වූ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන්නේ කටාන පොලිසියයි.