නවසීලන්තය සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුලූ 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව අද සමත් වුණා.
පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තයට පන්දුවාර 38ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.
කඩුලූ 2ක් පමණක් දැවී ඉන්දියාව එම ඉලක්කය හඹා ගියා.
ආරම්භක පිතිකරු ශිකර් ධවාන් නොදැවී ලකුණු 75ක් ලබා ගැනීමට සමත් වුණා.