ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පස් දින නිල සංචාරයක් සදහා අද (23) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියා.
එතුමා සමග දූත පිරිස ලෙස තවත් 10 දෙනෙකු ද එක් වී සිටියා.
ජනාධිපතිතුමා මෙම සංචාරය අතරතුර සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියා ෆැසිපික් කළාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවට ද සහභාගී වීමට නියමිතයි.
මෙම පිරිස අද දින දහවල් 11.00ට සිංගප්පූරුව බලා පිටත්ව ගිය සිල්ක් එයා ගුවන් සේවයේ MI – 427 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය අතර මෙම පිරිස සංචාරය නිමවා යළිත් 27 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
ටී.කේ.ජී.කපිල