කෝටි 100කට අධික හෙරොයින් තොගයක් සමග කොල්ලූපිටියේදී ඊයේ අත්අඩංගුවට ගත් විදේශිකයන් ලබන 29 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.
ඒ, සැකකරුවන් අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
මේ අතර මෙම හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගැනුණු අමෙරිකානුවන් දෙදෙනා සහ ඇෆ්ගන් ජාතිකයා මෙහෙය වූ තවත් විදේශීය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් කි‍්‍රයාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ ඒකාබද්ධව කළ මෙම වැටලීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 95ක ප්‍රමාණයක් සොයාගැනුණු අතර, එහි වටිනාකම රුපියල් මිලියන 1141ක් බවටයි ගණන් බලා ඇත්තේ.