ඉදිරි දින කිහිපයේදී පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ විශේෂයෙන්ම එය නැගෙනහිර පළාතට බලපාන බවයි.
ඊට අමතරව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට උදෑසන සහ රාත්‍රී කාලවලදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.