ආරක්ෂක අංශ සතුව තිබි 2009 වසරේ සිට මේ දක්වා නිදහස් කොට ඇති ඉඩම් සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනම්න් ලබාදෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් ඊයේ (22) උතුරු පළාත් දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් නියෝග කර තිබෙනවා.
උතුරු පළාත තුළ ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම්වලින් 98%ක පමණ ප්‍රමාණයක් මේ වන විට නිදහස් කොට ඇති අතර, අදාළ ඉඩම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හා පළාත් දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් අතර සාකච්ජාවේදීයි.
ආණ්ඩුකාරවරයා එහිදි වැඩිදුරටත් පැවසූවේ 2009 වසර වන විට ආරක්ෂක අංශ සතුව පැවැති ඉඩම් හා වර්තමානයේදී අදාළ ඉඩම්වලින් නිදහස් කළ ඉඩම් සම්බන්ධයෙන් ඉඩම් පැවති ස්ථාන ආදිය සදහන් කරමින් වාර්තාව අවශ්‍ය වන බවයි.
ජනාධිපතිවරයාගේ නියෝග යටතේ උතුරු පළාතේ ආරක්ෂක අංශ සතුව පවතින සිවිල් වැසියන්ගේ ඉඩම්වලින් නිදහස් කළ හැකි සියළුම ඉඩම් නිදහස් කිරීමේ වැඩසටහන උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරනු ලබනවා.
සාකච්ජාව වෙනුවෙන් වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා යාපනය දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්, ආණ්ඩුකාරලේකම් එන්.ඉලන්ගෝවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මාධව කුලසූරිය