හැටන් – කොළඹ ප්රධාන මාර්ගයේ ෂැනන් ප්රදේශයේදී හෙරොයින් සහ හෂීස් සමඟ විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ මොවුන් සතුව තිබී හෙරොයින් මිලිග්රෑම් 115ක් සහ හෂීීස් මිලිග්රෑම් 990ක් සොයාගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31 සහ 32 යන වයස්වල පසුවන ජර්මන් ජාතික කාන්තාවන් දෙදෙනෙක්.
සැකකාරියන් අද හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.