සේනා දැළඹුවාගේ ව්‍යසනයෙන් හානියට පත් වගා බිම් සඳහා අක්කරයකට රුපියල් 40,000ක උපරිම මුදලකට යටත්ව වන්දි ලබා දීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
දැනට ස්වභාවික විපත්වලදී හානි වන භෝගවර්ග 07ක් හඳුනාගෙන ඇති අතර, ඒ ආකාරයෙන්ම “සේනා“ දැළඹුවා හේතුවෙන් පූර්ණ හානිවන වගාවන් සඳහා ගෙවීම් සිදුකිරීමට අද දිනයේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත්, එයට කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිවු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.
අමාත්‍යාංශයක් වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යාංශයට ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.
රජයක් ලෙස සේනා මර්දනයට කැපවී වැඩ කරන බවත්, පූර්ණ වගා හානියට පත් වගාබිම් සඳහා මුදල් ගෙවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.