2018 වසරේ කලාභූෂණ රාජ්ය සම්මාන උළෙල පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබූ නමුත් පසුගිය දින කිහිපයේ රටේ ඇති වු දේශපාලන තත්වය හමුවේ එය කල්දමනු ලැබුවා.
එම උළෙලේ සම්මානලාභියකු හැටියට ප්රවීණ කලාකරු ඩබ්ලිව් ජයසිරිට ද ආරාධනා ලැබී තිබූ නමුත් ඔහු එවර සම්මානය ප්රතික්ෂේප කරන බව සඳහන් කර සිටියා.
ප්රජාතන්ත්රවාදය හා රටේ අනාගතය සමඟ ජනාධිපතිවරයා ක්රීඩා කරමින් සිටින්නේ යැයි ද ඒ නිසා එවැන්නකුගෙන් සම්මාන ලැබීම මෙන්ම එවැනි සම්මාන උළෙලකට සහභාගී වීම ද පිළිකුල් ක්රියාවක් යැයි ඔහු කියා සිටියා.
කල්දමන ලද සම්මාන උළෙල නැවතත් එළඹෙන 29 වනදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා තමන්ට ලද ආරාධනාව ප්රතික්ෂේප කරන බවයි ඩබ්ලිව් ජයසිරි කලාකරුවා සිය මුහුණුපොතේ සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ.
ඔහු මුහුණුපොතේ සටහන් කර ඇත්තේ මෙවැන්නක්,
කල්දැමූ කලාභූෂණ රාජ්ය සම්මාණ උලෙළ නැවත 29දා පැවැත්වෙන බැවින් එදාට පැමිණෙන ලෙස යලි ආරාධනා කර ඇත.මුලින්ම
කිවු ලෙසට පැමිණීම හා සම්මාණය ප්රතික්ෂේප කරමි.
