ජාතික පාසල් තුළ සිදුවන අකටයුතුකම් ගැන පැමිණිලි බාර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිලධාරිනියක් පත් කර තිබෙනවා.
දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම, චක්‍රලේඛවලට පටහැනිව භාණ්ඩ ආදිය ලබාගැනීම ඇතුළු වෙනත් කටයුතු සියල්ල සම්බන්ධයෙන් වන අකටයුතුකම් සම්බන්ධයෙන් එම නිලධාරිනියට පැමිණිලි කළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.
ඒ අනුව ජාතික පාසල් සම්බන්ධ වන සියලු පැමිණිලි කේ. ජී. සී. මහේෂිකා මහත්මිය, සහකාර අධ්‍යාපන අධ්යක්ෂ, ජාතික පාසල් ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලිඛිතව දැනුම්දිය හැකියි.